• නිවහන
    (HOME)
  • ළමා කතන්දර
    (STORY)
  • කවි/ සිංදු
    (POEMS)
  • වෙනත්
    (OTHER)
  • සබැඳුම
    (CONTACTS)

 

 


ආදරණීය දූ දරුවනි, දෙමාපියනි,


කුඩා දරුවන්ගේ සිත් සඳ කිරණ සේ සෞමයි.
ඕනෑම අයකුගේ සිත් සුවපත් කරන්නට ඔවුන්ට පුලුවන්!

මේ උත්සාහය අපේ පුන්චි පැටවුන්ගේ ලෝකය තවත් එලිය කරන්නට...

ඔවුනට විවිධ ආකාරයෙන් විශ්වය දකින්නට ඉඩ හරින්න!

රුසියානු කතන්දර පොත් වල ඉතා රසවත් කතා කුඩා කාලයේ මා පුදුමයට පත් කලා!
ඒ රසය විඳින්නට මා තවමත් කැමතියි.

මගේ දියනියන් ද (කික්කා - දුලනි සහ බ්ලැබෝ - ඉඳුනි ) ඒ කතන්දර කියවා පුදුමයට පත්වනවා මෙන්ම ඒ සුන්දර ලෝකයේ ජීවත් වෙන්න උත්සාහ දරන ආකාරයත් ඇතැම්විට දකින්නට පුළුවනි.
ඔවුන්ගේ සුරතල් රැඟුම් සහ අනුකරණය කිරීම් සිතට ගෙන එන්නේ මහත් සතුටක්...

අපේ රටේ පමණක් නොව ළොව වටා විසිරී සිටින පුන්චි පැටවුන්ගේ ලෝකය එලිය කරන්නට දිවා රෑ නොබලා වෙහෙස වන දෙමාපියන් උදෙසා දුලබ රුසියානු පරිවර්තන ළමා පොත් සහිත මේ වෙබ් අඩවිය නිර් මාණය කර තිබේ.
එය ඔබ දූ පුතුන් හට මෙන්ම ඔබටත් ආශ්වාදජනක මිහිරි අත්දැකීමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරමි.


සියලුම කෘතීන් හි ප්‍රකාශණ අයිතිය අදාල ප්‍රකාශකයා සතු වන අතර ඔවුන්ගේ නාම, ලාන්ඡන ආදියෙහි පුර් ණ අයිතිය ඔවුන් සතු වේ.


මෙම වෙබ් අඩවියෙහි ඇති සියළුම දෑ නොමිලේය.
එය පවත්වාගෙන යාමට සහ තවදුරටත් පුළුල් කිරීමට සහයවන්නට සහ උත්තේජනයක් සැපයීමට ඔබට පුළුවන්.
එමෙන්ම මෙම වෙබඩවිය ඔබ මිතුරු මිතුරියන් අතර හැකිතාක් බෙදාගැනීම මගින් මෙය ගොඩනැගීමට ගන්නා ලද වෙහෙසට වටිනාකමක් එක් කළ හැකියි.
කිසිදු යටි අරමුණක් හෝ ලාභ ඉපයීමේ චේතනාවකින් තොරව පවත්වාගෙනයන මෙම වෙබ් අඩවියේ ඒකායන අරමුණ සඳ කිරණ සේ සෞම්‍ය ප්‍රභාශ්වර සිතැති දැයේ දු දරුවන් දැයට සෙවනැති ඵල දරන මහා වෘක්ෂයක් වන හෙට දවස දැකීමයි!





චරක හේමාංග සතරසිංහ





දැන්වීම් පුවරුව




පාසල් සිසු දරු දැරියන්ගේ විෂය සමගාමී දැනුම සහ ආකල්ප සංවර්ධනයට අත්වැලක් සැපයීමත්, ඔවුන්ගේ ලිවීමේ, සිතිමේ සහ තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඔවුන්ගේ භාවමය හැකියාවන් අවදිකිරීම මඟින් හැකියාවෙන් පිරි වැඩදායී පුරවැසියන් ලොවට දායාද කිරීමේ අටියෙන් 2024 එළඹෙන සාහිත්‍ය මාසය නිමිති කොට ගෙන සංවිධානය කරනු ලබන කෙටි කතා තරඟය.


විස්තර පත්‍රිකාව සහ අයදුම්පත - DOWNLOAD

 

 

Copyright © 2024 - Charaka Hemanga Satharasinghe